Best News Website award
brand logo
logo
ඩොලරය හමුවේ රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළට

ඩොලරය හමුවේ රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළට

22 November 2026


2026 වසර ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


මහ බැංකුව විසින් නිකුත් කර ඇති සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය 20 දා වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වසර ආරම්භයේ සිට සියයට 6.9කින් අවප්‍රමාණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.


කෙසේ වෙතත්, පසුගිය නොවැම්බර් 13 වැනිදා මහ බැංකුව විසින් නිකුත් කර තිබූ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වූයේ එදින වනවිට රුපියලේ අවප්‍රමාණය සියයට 6.8ක් ලෙස පැවති බවය.


ඒ අනුව සතියක් තුළ වසර ආරම්භයේ සිට ගණනය කරන ලද රුපියලේ අවප්‍රමාණ අනුපාතය ප්‍රතිශතාංක 0.1කින් ඉහළ ගොස් තිබේ.


ඒ අනුව වසර ආරම්භයේ සිට පැවති අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් දුර්වල වී ඇත.

 

More News..