ව්‍යාජ අංක යොදා ත්‍රී රෝද රථ අලෙවි කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
24 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ව්‍යාජ අංක යොදා ත්‍රී රෝද රථ අලෙවි කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
24 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
හැටන් නගරයේ ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයක එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා අලෙවි කිරිමට තිබූ ත්‍රීරෝද රථ තුනක් සහ එම වෙළදසැලේ හිමිකරු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් පෙරෙදා (22) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඊයේ(23) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු (29) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලහ.
සැකකරු හැටන් ප්‍රදේශයේම පුද්ගලයෙකුට රු. ලක්ෂ දෙකහාමාරක මුදලක් රැගෙන ඉතිරි මුදල පෞද්ගලික මූල්‍ය සමාගමක් හරහා ලබා ගැනීමේ ගිවිසුමක් අත්සන් කර ත්‍රීරෝද රථය මුදාහැර තිබියදී ත්‍රීරෝද රථය මිලදී ගත් අයට සැක සිති ත්‍රීරෝද රථය පරික්ෂා කර ඇත.
එහි එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවට තහවුරු වූ නිසා එම ත්‍රීරෝද රථය මිලදිගත් පුද්ගලයා විසින් එම ත්‍රීරෝද රථය නැවත රැගෙන ගොස් ඒ පිලිබදව ත්‍රීරෝද රථ අලෙවි කල පුද්ගලයාට භාර දීමේදි එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරිම නිසා ත්‍රීරෝද රථය මිලදී ගත් පුද්ගලයා විසින් හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.
එම පැමිණිල්ල මත හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළදාරින් සිදු කල විමර්ෂණයකින් අනතුරුව විසින් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ එවැනිම ආකාරයේ ත්‍රීරෝද රථ දෙකක් සිය භාරයට ගෙන ඇති අතර, එම වෙළදසැල සහ සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොට කොටස් කරන ලද ත්‍රීරෝද රථ එන්ජින් දෙකක් සහ තවත් ත්‍රීරෝද රථ කිහිපයක අංක තහඩු කිහිපයක්ද සොයා ගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද හෝ විවිධ අපරාධවලට යොදා ගත් ත්‍රී රෝද රථ සැකකරු රැගෙන විත් කැබලි කර පසුව වෙනත් ත්‍රී රෝද රථවල අමතර කොටස් යොදා එකලස් කර අලෙවි කළේ දැයි යන්න පිලිබදව විමර්ෂන සිදු කරනු ලබයි.
සැකකරු කාලයක් තිස්සේ හැටන් නගරයේ ත්‍රි රෝද අලෙවි කිරිමේ නියැලි සිට ඇති බවත්, අත්අඩංගුවට ගන්නා ලද ත්‍රි රෝද රථවල අංකය සහ සියලු විස්තර දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන වෙත යොමු කර වාර්ථාවක් ලබා ගන්නා බවත්, ත්‍රී රෝද රථවල එන්ජින් ව්‍යාජ ලෙස කොටා තිබිම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාට සහ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්ථාවක් ලබා ගන්නා බවයි හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ.

