brand logo
logo
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අත්අඩංගුවට

24 July 2026


දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අද (24) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  


2019 වර්ෂයේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 16.5ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනාව යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර එම පුටු මිලදී ගැනීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීම යන දුෂණ චෝදනාව මොහුට එල්ල වී තිබේ.


අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන ලේකම්වරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

More News..