Best News Website award
brand logo
logo
විලියම් කුමරු සහ කේට්ගේ ග්‍රාමීය නිවසට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

විලියම් කුමරු සහ කේට්ගේ ග්‍රාමීය නිවසට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

25 November 2026


බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් හට අයත් ග්‍රාමීය නිවසකට අනවසරයෙන් ඇතුළු වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බ්‍රිතාන්‍ය පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නැගෙනහිර එංගලන්තයේ නෝර්ෆොක් (Norfolk) ප්‍රදේශයේ පිහිටි රාජකීය පවුල සතු සැන්ඩ්‍රින්හැම් (Sandringham) වතුයායේ දේපළක සැකකටයුතු ක්‍රියාකාරකමක් සිදුවන බවට 23 වැනිදා රාත්‍රියේ ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබේ.


නිවාස බිඳීම් සහ අනවසර ඇතුළු වීම් යන චෝදනා සැකය මත මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.


කෙසේ වෙතත්, මෙම සිදුවීම වන අවස්ථාවේදී අදාළ නිවස තුළ කිසිවෙකුත් රැඳී සිට නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය .

 

More News..