ශ්‍රී ලංකා - නවසීලන්ත රග්බි නිත්තවෙල සටන අනිද්දා
01 May 2026
ශ්‍රී ලංකා - නවසීලන්ත රග්බි නිත්තවෙල සටන අනිද්දා
01 May 2026
සංචාරක කිලෝ ග්‍රෑම් 85ට අඩු නවසීලන්ත රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් රග්බි තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අනිද්දා (3 වැනිදා) මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය ඉකුත් 25 වැනිදා රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහිදී ලකුණු 27-16ක් ලෙස ජය හිමිකර ගැනීමට නවසීලන්ත පිල සමත් විය. පළමු තරගය ප්‍රවේශපත් මිලදී ගනිමින් නැරැඹීමට සිදු වූ පසුබිමක අනිද්දා තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරැඹීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. තරගාවලිය ඇරැඹි ඉකුත් වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා පැවැති තරගයේදී නවසිලන්ත කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණි. කෙසේ වෙතත් අනිද්දා සවස 4ට ඇරැඹෙන තරගය සඳහා නවසිලන්ත කණ්ඩායම ලකුණු 11ක වාසියක් සමගින් පිවිසෙනු ඇත.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිඳු කරුණාතිලක සතුවන අතර නවසීලන්ත කණ්ඩායම ජෙරඩ් පර්සිවල් විසින් මෙහෙයනු ලැබේ.

