brand logo
logo
ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට

ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට

10 August 2026


2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක කාලයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.


අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.


මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී ඊයේ (09) පැවැත්විණි.


විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු සහභාගී වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

More News..