සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අනුමැතිය
10 November 2026
සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අනුමැතිය
10 November 2026
මහනුවර නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විෂය පථයට පහත කරුණු ඇතුළත් වේ.
පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.
පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.
පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් මතුවී ඇති ධාරිතා අවහිරතාවන් ඉවත් කර, දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සංවර්ධන කටයුතු අත්‍යවශ්‍ය වන බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය ආධාර ලබා ගනිමින්, මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ සාර්ථකව ඒකාබද්ධ කිරීම සඳහා සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීමට නියමිතය.

