brand logo
logo
  ආණමඩුවේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

ආණමඩුවේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

06 June 2026


ආණමඩුව, මුදලක්කුලිය ප්‍රදේශයේදී අද (06) දහවල් 1.00ට පමණ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා තිබේ. 


පොළොන්නරුව ප්‍රදේශයේ සිට හලාවත, මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනා කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් පැමිණි පිරිසක්, ආපසු යමින් සිටියදී රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 


අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ 13දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.


මෙම අනතුරින් ඔවුන් සියලු දෙනාම තුවාල ලබා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.


එමෙන්ම තුවාල ලැබූවන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවද සඳහන්.


ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


 

More News..