වගා නොකරන බදු ඉඩම් යළි රජයට
02 November 2026
වගා නොකරන බදු ඉඩම් යළි රජයට
02 November 2026
කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබාදී ඇති නමුත් වගා නොකරන ඉඩම් යළි රජයට පවරාගෙන, ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් ලබාදී තිබේ.
රජයේ කෘෂිකාර්මික ඉඩම් විවිධ වගා ව්‍යාපෘති සහ ආයෝජන සඳහා පුද්ගලයන්ට හා ආයතනවලට බදු පදනම මත ලබාදී තිබුණද, ඇතැම් ඉඩම් අපේක්ෂිත කාර්යයන් සඳහා යොදා නොගෙන අක්‍රීයව පවතින බවට අවධානය යොමුව ඇත.
ඒ අනුව, එවැනි ඉඩම් හඳුනාගෙන බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටි අනුව යළි පවරාගෙන, වගා කිරීමේ හැකියාව ඇති පාර්ශ්වයන්ගේ ඵලදායී ව්‍යාපෘති සඳහා යොමු කිරීමට නියමිතය.
දැනට වගා නොකරන බදු ඉඩම් හිමියන් 135 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් ඉඩම් යළි ලබාගෙන ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවට ආදායම් මාර්ග උදාකරදීමයි.

