මව මුහුණ සේදීමට ගිය අතරේ අනියම් සැමියාගේ පහරින් සිඟිත්තා මරුට
27 April 2026 | තෙවිදු දිනයන - දෙල්ගොඩ / ඉසුරු අසංක - සපුගස්කන්ද
මව මුහුණ සේදීමට ගිය අතරේ අනියම් සැමියාගේ පහරින් සිඟිත්තා මරුට
27 April 2026 | තෙවිදු දිනයන - දෙල්ගොඩ / ඉසුරු අසංක - සපුගස්කන්ද
දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු එම දරුවාගේ මවගේ අනියම් පුරුෂයා විසින් ඉකුත් (23වැනිදා) පෙරවරුවෙ ඝාතනය කර ඇතැයි මීගහවත්ත පොලිසිය කියයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරි පේලිගේ රෝහිත දසුන් නමැති වයස අවුරුදු දෙකයි මාස හතරක සිඟිත්තෙකි.
මෙම ඝාතනය සම්බන්ධව මල්වාන උලහිටිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (49) ක්වූ පුද්ගලයකු පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම කාන්තාව සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බව පොලීසිය කියයි.
නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් ඇති ළිඳට දරුවාගේ මව මුහුණ සේදීමට ගිය අතරතුර දරුවාගේ හැඬීම ඉවසා ගත නොහැකිව තමා විසින් දරුවාට පහර දුන් බවත් එම පහරින් දරුවා සිහි නැතිවූ බවත් මුහුණ සෝදා නිවසට පැමිිණි මවට දරුවා වැටී සිහි නැතිවූ බව මුසාබස් පවසා මවත් සමග එක්ව දරුවා බියගම රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සැකකරු පවසා ඇත.
රෝහල් ගත කරන විටත් කුඩා සිඟිත්තා මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුව මේ පිළිබඳව රෝහල් බලධාරීන් විසින් මීගහවත්ත පොලිසිය දැනුවත් කර ඇත.
මහර වැඩබලන මහෙස්ත්‍රාත් ජී. කේ. චමින්ද පතිරණ ඉකුත් (23වැනිදා) දහවල් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුුතු සඳහා මළසිරුර රාගම මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ පබසරා ටී. විජේරත්න විසින් මළසිරුර පිළිබදව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ඉකුත් (24වැනිදා) රාගම මහ රෝහලේදී පැවැත්වූ අතර එහිදී නිගමනය වූයේ දරුවාගේ උදරය ප්‍රදේශයට මොට ආයුධයකින් පහරදීමෙන් හෘදයේ පැළීම් ඇතිවීම හේතුවෙන් මෙම මරණය සිදුවූ බවයි.

