සිංහරාජයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන්ටරු.කෝටි 7කට වැඩි දඩයක්
23 November 2026
සිංහරාජයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන්ටරු.කෝටි 7කට වැඩි දඩයක්
23 November 2026
සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ චීන ජාතිකයන් සිව් දෙනෙකුට කලවාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් රුපියල් හත් කෝටි 64 ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
ආරක්ෂිත සතුන් 300කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 143කට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර චීන ජාතිකයින් සිව්දෙනාට මෙම දඬ මුදල නියම කළ බව 'අද දෙරණ' වාර්තාකරු පැවසුවේය.
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් පසුගිය 9 වනදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඔවුන් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද(23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබු අතර නඩුව අද කැදවු අවස්ථාවේදී කලවාන මහෙස්ත්‍රාත් ඩී.එම් යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක මහත්මිය විසින් අදාළ දඩ මුදල නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


