UAE හි ගුවන්තොටුපොළවලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අරඹයි
02 March 2026
UAE හි ගුවන්තොටුපොළවලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අරඹයි
02 March 2026
කලාපීය වශයෙන් පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට සඳහා අද (02) පස්වරුවේ සිට සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
මෙහිදී මීට පෙර ගුවන් ගමන් වෙන්කරවාගෙන සිටි මගීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්, මෙම සීමිත ගුවන් ගමන් සඳහා නැවත වෙන් කිරීම් සිදුකළ මගීන් වෙත ඒ පිළිබඳව සෘජුවම දැනුම් දීමට පියවර ගන්නා බවත් එම ගුවන් සේවය සඳහන් කර ඇති බව වාර්තා වේ.
තහවුරු කරන ලද ගුවන් ගමන් තොරතුරු පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් ලැබෙන තෙක් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙස එමිරේට්ස් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම සීමිත සේවාවන් හැර අනෙකුත් සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් මෙහෙයුම් කාලසටහන් ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු එමිරේට්ස් නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් වේ.

