brand logo
logo
හලාවත - කුරුණෑගල පාරේ ගමනාගමනය සීමා කෙරේ

හලාවත - කුරුණෑගල පාරේ ගමනාගමනය සීමා කෙරේ

18 September 2026


හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.


පොලීසිය සඳහන් කළේ, බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර හෙට (19) රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි.


පෙරහැර හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නියමිත බැවින්, එම කාලසීමාව තුළ සිදුවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


පොලීසිය නිකුත් කළ නිවේදනය සහ අදාළ විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.


 

More News..