ඩෙංගු ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික් 14කට දැඩි අවධානයක්
15 June 2026
ඩෙංගු ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික් 14කට දැඩි අවධානයක්
15 June 2026
දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී වර්තමාන ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා දැනට ගෙන ඇති පියවර, රෝහල් පද්ධතියේ සූදානම, මදුරු මර්දන ක්ෂේත්‍ර වැඩසටහන්වල ප්‍රගතිය සහ ඊට මුහුණ දීමේදී මතුවන ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
මෙම ජාතික මර්දන වැඩපිළිවෙළ සඳහා පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ, වෙනත් රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රජා සංවිධාන සක්‍රීයව දායක කරගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන දිස්ත්‍රික් 14ක එනම් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, නුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු වගකිවයුතු පාර්ශව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය සහිතව කඩිනමින් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
අද (15) සිට ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන සතියේ සැලසුම් සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සාර්ථක අත්දැකීම් පාදක කරගත් නව වැඩපිළිවෙළක් සහ සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට නියෝග කෙරිණි.
ජනතාව දැනුවත් කිරීම: රෝග නිවාරණය සහ ප්‍රතිකාර සේවාවන් පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා කඩිනම් මාධ්‍ය වැඩසටහනක් සකස් කිරීමට ද තීරණය විය.
මෙම ඩෙංගු මර්දන කටයුතු හදිසි සහ ප්‍රමුඛ සේවාවන් ලෙස සලකා අඛණ්ඩව හා වේගවත්ව ඉදිරියට පවත්වාගෙන යා යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළ අතර, ඊට අදාළ වගකීම් අදාළ ඒකක වෙත පවරනු ලැබීය.

