brand logo
logo
පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

18 July 2026

අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ඊයේ (17) මරණයට පත්ව තිබේ.


නිවසක් ඉදි කිරීම සඳහා කපා තිබූ ගෙපළක බේස් වළක් කපමින් සිටියදී, පස් කන්ද කඩාවැටී ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.


අනතුරින් පසු ඔහු ඉන් මුදාගෙන අකුරණ රෝහලට රැගෙන ගියද, ඒ යනවිටත් මියගොස් සිට තිබේ.


මෙසේ මරණයට පත්ව ඇත්තේ අවුරුදු 49ක් වූ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්ය.


මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

More News..