පොලිස් සැරයන්වරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
29 August 2026
පොලිස් සැරයන්වරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
29 August 2026
කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව අද (29) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය.
ඒ අනුව සැකකරුට විරුද්ධව පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම සහ නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කෑගල්ල පොලිසිය මගින් සිදුකරනු ලබයි.

