brand logo
logo
විශ්‍රාම වැටුප් නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද

විශ්‍රාම වැටුප් නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද

17 January 2025



විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබේ.


ඒ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්.


රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමිත බව වාර්තා ‍වේ.


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ විශ්‍රාමික මරණ වාර්තා කිරිමේ තොරතුරු පද්ධතිය, වැඩිදියුණු කරන ලද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයන් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය ඊට ඇතුළත් බවයි.

 

More News..