brand logo
logo
 ඉරානයේ ඉලක්ක 7,000කට ප්‍රහාර එල්ල කළ බව ට්‍රම්ප් කියයි

ඉරානයේ ඉලක්ක 7,000කට ප්‍රහාර එල්ල කළ බව ට්‍රම්ප් කියයි

16 March 2026


ඉරානය තුළ ක්‍රියාත්මක වන අමෙරිකානු මෙහෙයුම් පසුගිය දින කිහිපය පුරා ඉතාමත් ශක්තිමත්ව අඛණ්ඩව සිදුවූ බවත්, මේ දක්වා ඉරානය පුරා ඉලක්ක 7,000කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.


ඉරානය තුළ තෝරාගත් ඉලක්ක නිවැරදිවම විනාශ කළ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ගැටුම් ආරම්භයේ සිට එල්ල කළ මෙම ප්‍රහාර 7,000 ප්‍රධාන වශයෙන් වාණිජ සහ මිලිටරි ඉලක්ක වෙත යොමු කර තිබූ බව ජනාධිපතිවරයා පවසා ඇත.


මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරානයේ බැලස්ටික් මිසයිල දියත් කිරීම් 90% කින් සහ ඩ්‍රෝන ප්‍රහාර 95% කින් අඩු කිරීමට අමෙරිකාව සමත්ව ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


 

More News..