හොර රහසේ ගිල දැමූ මැණික උගුරේ සිරවී පතල්කරුවෙක් රෝහලේ
19 November 2026
හොර රහසේ ගිල දැමූ මැණික උගුරේ සිරවී පතල්කරුවෙක් රෝහලේ
19 November 2026
මැණිකක් ගිල ගත් බව සඳහන් පුද්ගලයෙකුගේ ගෙලෙහි සිරවූ මැණික පිටතට ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලේ සිට වැලිසර මහා රෝහල වෙත මාරු කොට යැවූ බව මහනුවර ජාතික රෝහලේ පාලනාධිකාරිය සඳහන් කරයි.
රත්නපුර ප්‍රදේශයේ හවුලේ මැණික් පතලක් සිදු කරන බව පැවසෙන මෙම පුද්ගලයා මැණික් ගැරීම සිදු කරන අවස්ථාවේ හමුවූ බව සඳහන් මැණිකක් හොර රහසේම ගිල දමා ඇති බව පැවසෙන අතර ඉන් අනතුරුව වමනය කරමින් මැණික පිටතට ගැනීමට විශාල වශයෙන් උත්සාහ කළද නොහැකි වීම හේතුවෙන් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ගතහොත් රහස හෙළිවේ යැයි යන සැකයෙන් කිසිවෙකුට හෝ නොදන්වා හොර රහසේ මහනුවර ජාතික රෝහලට පැමිණ උගුරේ ගලක් හිරවූ බව සඳහන් කරමින් ප්‍රතිකාර පතා ඇති අතර වෛද්‍යවරු ඔහු ජාතික රෝහලේ 03 වාට්ටුවේ නේවාසික කොට උගුරේ සිරව ඇති මැණික පිටතට ගැනීම සඳහා උත්සහ කලද එම උත්සාහය අසාර්ථක වී ඇති බව පැවසේ.
මෙම සිද්ධිය දැනගත් මහනුවර ජාතික රෝහලේ රෝහල් පොලිස් ඒකකය මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මැණිකක් ගිල ඇති බව දැනගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවද උගුරේ සිරවී ඇති මැණික පිටතට ගැනීම අපහසු වී ඇති බැවින් අදාළ වෛද්‍යමය කටයුතු සඳහා මෙම
පුද්ගලයා වැලිසර රෝහල වෙත මාරු කොට යැවූ බව මහනුවර ජාතික රෝහල පවසයි.


