වන අලි ආරක්ෂාවට ක්‍රියාත්මක 'හස්ති සේනා' මෙහෙයුමෙන් තිරප්පනේදී බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් සොයාගැනේ
15 November 2026
වන අලි ආරක්ෂාවට ක්‍රියාත්මක 'හස්ති සේනා' මෙහෙයුමෙන් තිරප්පනේදී බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් සොයාගැනේ
15 November 2026
අග්බෝ හස්තියා නිතර සැරිසරන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කළ විශේෂ 'හස්ති සේනා' මෙහෙයුමකදී අනවසර ගිනිඅවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.
වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ජාතික 'හස්ති සේනා' මෙහෙයුම යටතේ මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
එහිදී වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන අනවසර ගිනිඅවි, බඳින තුවක්කු, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.
ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
වන අලි ඇතුන් දඩයම් කිරීම හා ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම මෙන්ම අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.


