brand logo
logo
ඉරේ සැරට පොල් ඵලදාව අඩුවෙයි

ඉරේ සැරට පොල් ඵලදාව අඩුවෙයි

17 April 2026 | නිර්මාණි තිලකසිරි

මේ වන විට පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මාස හයකින් පමණ පසු පොල් අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසීය.  එබැවින් මෙම වියළි කාලගුණයට පොල් වගාව ඔරොත්තු දීම සඳහා ජල සම්පාදනය මෙන්ම ජල සංරක්ෂණය ද සිදුකළයුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.


කෙසේවෙතත් මේ වන විට පොල් වගාවේ ජල සංරක්ෂණ කටයුතු සඳහා රජය විසින් පොල් අක්කරයකට රුපියල් තිස්දහසක සහනාධාරයක් ද ලබා දෙයි.


මෙම වසරේ (2026) ජනවාරි පෙබරවාරි මස වලදි පොල් අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි හතරකින් (24%) ඉහළ ගොස් ඇත.


එමෙන්ම මෙම වසරේ (2026) දී පොල් අස්වැන්න ගෙඩි බිලියන හතරයි දශම දෙකක (4.2) නිෂ්පාදන ඉලක්කයක පවතින අතර පසුගිය වසරේදී අපේක්ෂිත අස්වැන්න ගෙඩි බිලියන දෙකයි දශම හතරත් තුනත් (2.8 - 3.0) අතර මට්ටමක පැවතිණි. නමුත් විවිධ හේතුන් මත එම අපේක්ෂිත අස්වැන්න සියයට දහයකින් අඩුවී තිබිණි.

 

More News..