brand logo
logo
 නීතිවිරෝධී බෙහෙත් පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී බෙහෙත් පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

20 July 2026


නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බෙහෙත් පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ ඊයේ(19) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම ඖෂධ පෙති සහ බීඩි කොළ තොගය සොයාගෙන තිබේ.


වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කල්පිටිය පොලීසිය හා එක්ව, කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි.


එහිදී, නීතීවිරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සඟවා තිබූ ඖෂධ පෙති 67,640ක් සහ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 30ක් පමණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 


සැකකරු අවුරුදු 38ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන ඇත.


මේ අතර, සැකකරු, ඖෂධ පෙති සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.


 

More News..