brand logo
logo
 සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය

සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය

05 October 2026


ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්විණි.


ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රධාන අවධානය යොමු වී තිබේ.


එමෙන්ම සයිබර් තර්ජන විශ්ලේෂණය, රාජ්‍ය ආයතන සහ මහජනතාව සඳහා සයිබර් ආරක්ෂණ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තර්ජන ඇගයීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.


අන්තර්ජාල සේවා සපයන්නන්, රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය අතර සම්බන්ධීකරණය තුළින් සයිබර් ආරක්ෂණය සහ ධාරිතා වර්ධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද ඉන්දීය නියෝජිත පිරිස සිය අත්දැකීම් හුවමාරු කර තිබේ.


දෙරට අතර ඩිජිටල් සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.

 

 

More News..