වනිඳු, භානුක, මහීෂ්, මතීෂ IPL කණ්ඩායම් හිමිකරුවන් රඳවා ගනී
IPL වෙන්දේසියේ තොරතුරු නිකුත් වෙයි
ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පසුගිය වසරේදී ක්‍රීඩා කළ කණ්ඩායම් තුළම රඳවා ගෙන තිබේ.
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මූලික ක්‍රීඩක වෙන්දේසියේ තොරතුරු මේ වනවිට නිකුත් කර ඇත.
ඒ අනුව රෝයල් චැලෙන්ජස් බැංගලොර් කණ්ඩායම විසින් පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදී ද වනිඳු හසරංගව රඳවා ගෙන ඇති අතර භානුක රාජපක්ෂව රඳවා ගෙන ඇත්තේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසිනි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පසුගිය වසරේදී එක් කරගත් මහීෂ් තීක්ෂණට සහ මතීෂ පතිරණට මෙම වසරේදී ද එම කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ.