brand logo

ලංකාවේ මන්දපෝෂිත දරුවන් වැඩි වෙලා

8 months ago

Share on

දරුවන් ගැන ළමා රෝහලෙන් අනතුරු ඇඟවීමක්

ලංකාව තුළ පවතින ආහාර හිඟය හේතුවෙන් දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. පසුගිය දින කිහිපයේ රෝහලට ඇතුලත් කෙරුණු දරුවන් පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකුම මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔහු පවසයි. ඔවුන්ගෙන් සිවුදෙනකු උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවත් එම දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවත් ඔහු පැවසීය. මේ තත්ත්වයෙන් දරුවන් මුදවාගැනීම සඳහා දෙමව්පියන් ගෙවතු වගාවට වැඩි වශයෙන් යොමු විය යුතු බවත් කෙටිකාලීනව ඵලදාව ලැබෙන පෝෂදායි ආහාර වර්ග වගා කිරීමට අවදානය යොමු කල යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
loading...