මාලිමාවේ තෙවැනි අයවැය අද පාර්ලිමේන්තුවට
12 November 2026
මාලිමාවේ තෙවැනි අයවැය අද පාර්ලිමේන්තුවට
12 November 2026
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට අද (12 වැනිදා) ඉදිරිපත් කෙරේ.
අභියෝග හමුවේ වුව ද පසුගිය දෙවසර තුළ අප රට අත්කර ගත් ආර්ථික ස්ථාවරත්වයේ ප්රතිලාභ ජනතාව වෙත ගෙන යන සහ පරිවර්තනීය සංවර්ධනයක් ඉලක්ක කරගත් යෝජනා රැසක් මෙවර අයවැය මගින් රට හමුවේ තැබීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවට අද (12 වැනිදා) ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධයෙන් මුහුණු පොතේ සිය නිල ගිණුමේ සටහනක් තබමිනි.
ලබන වසරට (2027) අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (12 වැනිදා) නිරීක්ෂණය කළේය. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් විය.
මෙවර ඉදිරිපත් කෙරෙන්නේ 81 වැනි අයවැයයි.
‘දිට්වා’ ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර සහ බාහිර අභියෝග හමුවේ වුවද නිසි කළමනාකරණයකින් සහ ඉහළ මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන මෙවර අයවැයට ඇතුළත් වන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.


