නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
22 October 2026
නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
22 October 2026
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (22) ප.ව.4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට ප.ව.4.00 දක්වා වලංගු වෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර දිස්ත්රික්කය: හොරණ, මතුගම
රත්නපුර දිස්ත්රික්කය: ඇලපාත, කුරුවිට, රත්නපුර
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්රික්කය: මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව, නෝර්වුඩ්
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය: හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලි ඇල, ඌව පරණගම
කොළඹ දිස්ත්රික්කය: පාදුක්ක, සීතාවක
කලුතර දිස්ත්රික්කය: මිල්ලනිය, ඉංගිරිය, වලල්ලාවිට, අගලවත්ත
මහනුවර දිස්ත්රික්කය: යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ
කෑගල්ල දිස්ත්රික්කය: බුලත්කොහුපිටිය, යටියන්තොට, වරකාපොළ
මොනරාගල දිස්ත්රික්කය: මැදගම
රත්නපුර දිස්ත්රික්කය: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල
නුවරඑළිය දිස්ත්රික්කය: මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර
කුරුණෑගල දිස්ත්රික්කය: මාවතගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත

