මත්වී වාහන පදවන රියදුරන් සෙවීමට අහඹු පරීක්ෂණ
13 August 2026
මත්වී වාහන පදවන රියදුරන් සෙවීමට අහඹු පරීක්ෂණ
13 August 2026
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා, නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ, මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා සිදුකරන පරීක්ෂණ පළාත් 5 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක බවයි.

