brand logo
logo
කළුතර–කොළඹ ජල සැපයුමට ජල ව්‍යාපෘතියක්

කළුතර–කොළඹ ජල සැපයුමට ජල ව්‍යාපෘතියක්

15 September 2026

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.


ඒ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නල පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් මෙමගින් ඉදිකිරීමට නියමිතය.


ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 73ක් වන අතර ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර තිබේ.

මෙරට ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සමග නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරිහුද සහභාගී වූහ.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයක් අවම කර ගනිමින් අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

 

More News..