ජාතික වැව් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමට පියවර
17 November 2026
ජාතික වැව් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමට පියවර
17 November 2026
මෙරට වැව්, ජලාශ, එල්ලංගා පද්ධති අමුණු සහ අනෙකුත් ජල කළමනාකරණ ඉදිකිරීම් පිළිබඳ තොරතුරු එකම ජාතික පද්ධතියක් තුළට එක් කරමින් ජාතික වැව් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එහි සමාරම්භක වැඩසටහන අද (17) ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර මේ සඳහා කෘෂිකර්ම පශු සම්පත්, අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, මහවැලි උපදේශක කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග ආයතන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනයන් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරි රැසක් සහභාගි විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නායකත්වය සහ ප්‍රතිපත්තිමය මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා 'වාරි මහිම-අපේ උරුමය' ජාතික වැඩසටහන මූලික කටයුතු සංවිධානය කිරීමට සහ පහසුකම් සැලසීමට දායක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙම වැඩසටහන සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග ආයතන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන තමන් සතුව පවතින තොරතුරු ලබාදීම සහ ඒවායේ නිවැරදිභාවය තහවුරු කිරීම සඳහා සම්බන්ධ වනු ඇත.
එමෙන්ම පළාත් සභා, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ජාතික ව්‍යාපෘති සහ ගොවි සංවිධාන ද ක්ෂේත්‍ර මට්ටමේ තොරතුරු සම්බන්ධීකරණයට දායක වන අතර, මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මහවැලි උපදේශක කාර්යාංශය උත්ප්‍රේරක ආයතනයක් ලෙස කටයුතු කරනු ඇත.


