අමෙරිකානු තානාපති සහ හිටපු ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්
25 November 2026
අමෙරිකානු තානාපති සහ හිටපු ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්
25 November 2026
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම පිළිබඳව සිය සතුට පළ කරන බව අමෙරිකානු තානාපති එරික් මයර් මහතා පවසයි.
සිය නිල X ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.
වොෂින්ටන් නුවර සේවය කළ සමය පිළිබඳව සමරසිංහ මහතා පළ කළ අදහස් තමන් බෙහෙවින් අගය කළ බවත්, ඔහුගේ සේවා කාලය තුළ අමෙරිකා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ගත් පියවරයන්ට සිය කෘතඥතාව පළ කළ බවත් එම සටහනේ දැක්වේ.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය සම්බන්ධයෙන් මෙවැනි සාකච්ඡා පැවැත්වීම සැමවිටම ධනාත්මක කටයුත්තක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
2021 දෙසැම්බර් මාසයේ සිට 2026 ජූලි 31 වන දින දක්වා වසර 5කට ආසන්න කාලයක් මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ කටයුතු කළේය.


