දුර්ලභ කැස්බෑවන් 26 දෙනෙකු ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළේදී රේගු භාරයට
28 November 2026
දුර්ලභ කැස්බෑවන් 26 දෙනෙකු ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළේදී රේගු භාරයට
28 November 2026
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ගමන් මල්ලක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ අතිශය දුර්ලභ කැස්බෑවන් 26 දෙනෙකු එරට රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙක්සිකෝවේ සිට ඇම්ස්ටර්ඩෑම් හරහා හොංකොං බලා පියාසර කරමින් සිටි පුද්ගලයෙකු මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ වඳවීමේ දැඩි තර්ජනයට මුහුණ පා සිටින 'වල්ලාර්ටා මඩ කැස්බෑවන්' (Vallarta mud turtles) නමැති විශේෂයට අයත් සතුන් පිරිසකි. උපරිම වශයෙන් සෙන්ටිමීටර් 10ක පමණ දිගකින් යුත් මෙම සතුන්, ලොව කුඩාම මිරිදිය කැස්බෑ විශේෂය ලෙස සැලකේ.
එම කැස්බෑවන්ට චලනය වීමට නොහැකි වන අයුරින් ඇලවුම් පටිවලින් ඔතා තිබූ බව නෙදර්ලන්ත ආහාර හා පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා අධිකාරිය පවසයි.
කැස්බෑවන්ගෙන් බහුතරයක් සෙල්ලම් මෝටර් රථයක් සහිත පෙට්ටියක් තුළ සඟවා තිබූ අතර, ඉතිරි සතුන් ගමන් මල්ලක තිබූ මේස් එකක් තුළ සඟවා තිබී ඇත. මෙම සතුන් මෙක්සිකෝවේ ස්වභාවික වාසස්ථානවලින් නීතිවිරෝධී ලෙස අල්ලා ගන්නට ඇති බවට සැක පළ කෙරේ.
මුදාගත් කැස්බෑවන් මේ වන විට විශේෂිත සත්ත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක රැකවරණය යටතට පත් කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
2025 වසරේදී 'ටර්ටල් අයිලන්ඩ්' (Turtle Island) නමැති අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදු කළ ඇස්තමේන්තුවකට අනුව, මෙම විශේෂයට අයත් කැස්බෑවන් 300කට නොවැඩි සංඛ්‍යාවක් පමණක් ස්වභාවික පරිසරයේ ජීවත් වන බව අනාවරණය වී තිබිණි.


