brand logo
logo
ශිරාන් බාසික් ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිට දැනුම්දීමක්

ශිරාන් බාසික් ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිට දැනුම්දීමක්

05 November 2026

අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද(05) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.


ශිරාන් බාසික් රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම්දෙනු ලැබීය.


ශිරාන් බාසික් මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්නකිරීම සිදුකරනු ලබයි.

 

More News..