ස්ථිර ආරක්ෂක සහතිකයක් නොමැතිව අමෙරිකාව සමඟ ගිවිසුමක් නැහැ – ඉරාන විදේශ ඇමති
21 November 2026
ස්ථිර ආරක්ෂක සහතිකයක් නොමැතිව අමෙරිකාව සමඟ ගිවිසුමක් නැහැ – ඉරාන විදේශ ඇමති
21 November 2026
වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
විදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, දෙපාර්ශ්වය අතර ඇති වන ඕනෑම ගිවිසුමක් මගින් ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කරන ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලැබිය යුතු බවය.


