brand logo
logo
 අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

16 July 2026


මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 554ක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේ නිලධාරීන් සමත්වී තිබේ.


සැකකරුවන් මෝටර් රථය එම ස්ථානයෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන්ට සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.


ඒ අනුව සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථය වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.


සැකකරුවන් අවුරුදු 28 හා 32 යන වයස්වල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.


තිහගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 


 

More News..