ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
07 March 2026
ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්
07 March 2026
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.
එහිදී ඉරානයේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ රට පුරා සිවිල් වැසියන්ගේ මරණය සම්බන්ධයෙන් පුටින් සිය ශෝකය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ගැටුම් වහාම අවසන් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයාගැනීම රුසියාවේ ස්ථාවරය බව පුටින් යළිත් අවධාරණය කළ බව එහි සඳහන් වේ.
රුසියාවේ මෙම සහයෝගයට ඉරාන ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති අතර ඉරානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

