brand logo
logo
නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 59ක් අත්අඩංගුවට

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 59ක් අත්අඩංගුවට

01 October 2026

සැප්තැම්බර් මස 11 සිය ඔක්තෝබර් මස 30 දක්වා කාල සීමාව තුළ නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී ඩිංගි යාත්‍රා 23ක් සිය භාරයට ගත් බව නාවික හමුදාව නිවේදනය කළේය. මෙම සැකකරුවන් තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවී ඇත.


මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රිකුණාමලය වාකරේ, මූතූර්, උප්පවෙලි, ග්‍රින්බේ, කදිරවේලී, ෆ්ලෑග් ස්ටාෆ්, ෆවුල් පොයින්ට්, කින්නියා, නිලාවේලි, කුඹුරුපිඩ්ඩි, වෙරුගල්, පල්චේනායි, පුදුමාතලන්, සාදුගල, යාපනය වෙත්තලකේණි, කඩ්ඩයිකාඩු, කෝවිලන්, මන්නාරම තාවුල්පාඩු හා සවුත්බාර් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ උතුරු මැද නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟිනි.


සැකකරුවන්, ධීවර යාත්‍රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වාකරේ, කොඩ්බේ, මුලතිව්, මුතූර්, ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබේ.

 

More News..