අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන RDAයෙන් දැනුම්දීමක්
03 August 2026
අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන RDAයෙන් දැනුම්දීමක්
03 August 2026
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනයට නවතා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ අද (03) දහවල් සිට කඩුගන්නාවේ පැවති අවදානම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවය.
වසා දැමුණු මාර්ගයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.
කොළඹ - නුවර මාර්ගයේ 95km - 99km දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශය
අවිස්සාවේල්ල - හැටන්, නුවරඑළිය මාර්ගයේ 66km ප්‍රදේශය
නාවලපිටිය - ගිනිගත්හේන් 4/2 බෝක්කුව ප්‍රදේශය
අවිස්සාවේල්ල - හැටන්, නුවරඑළිය මාර්ගයේ 32km ප්‍රදේශය
දඬගල පාලම්පිටිය දොලොස්බාගය 6km ප්‍රදේශය
මාවනැල්ල - හෙම්මාතගම ගම්පොළ මාර්ගය 19km සිට 21km දක්වා ප්‍රදේශය
යටියන්තොට - පූනගල, මීනගල ප්‍රදේශයේ 21km ප්‍රදේශය
දේදුගල - තලම්පිටිය, දොලොස්බාගේ 6km ප්‍රදේශය

