brand logo
logo
සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස පලතුරු ඉදෙව්වොත් 2027 අප්‍රේල් සිට නීතිය තදින්ම - අමාත්‍ය වසන්ත සමරසිංහ

සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස පලතුරු ඉදෙව්වොත් 2027 අප්‍රේල් සිට නීතිය තදින්ම - අමාත්‍ය වසන්ත සමරසිංහ

19 October 2026 | දීපශාන් රණතුංග-ගල්නෑව


එළැඹෙන 2027 වසරේ අප්‍රේල් මාසයේ සිට සෞඛ්‍ය ආරක්ෂිත නොවන ක්‍රමවේදයන් භාවිත කරමින් පලතුරු කෘතිමව ඉදවීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වසයි.


සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පලතුරු කෘතිමව ඉදවීම පිළිබඳ වෙළෙඳුන්, නිෂ්පාදකයන් හා ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට ඉකුත්දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. 


පලතුරු කෘතිමව ඉදවීමේදී අනුමත රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන්ට හා නිවැරදි ක්‍රමවේදයන්ට අනුව භාවිත නොකිරීම පාරිභෝගික සෞඛ්‍යයට බරපතළ බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය.


“වස විසෙන් තොර පලතුරු දරුවන්ට” යන ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ තවත් පියවරක් ලෙස පලතුරු වෙළෙඳුන්ගේ දත්ත ඩිජිටල් පද්ධතියක් මගින් ලියාපදිංචි කිරීමේ කටයුතු ද මෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.


මෙහිදී පලතුරු වෙළෙඳුන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයන් වෙත නිවැරදි තාක්ෂණික දැනුම, පුහුණුව සහ මූල්‍ය සහාය ලබාදීමට ද සැලසුම් කර තිබේ. 


එහි තාක්ෂණික හවුල්කරු ලෙස ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය කටයුතු කරයි. 

 

More News..