brand logo
logo
මහජන ආරක්ෂක රහස් පිටතට දෙන්න එපා - නිලධාරින්ට උපදෙස්

මහජන ආරක්ෂක රහස් පිටතට දෙන්න එපා - නිලධාරින්ට උපදෙස්

07 September 2026 | සම්පත් දේශප්‍රිය

රටපුරා ස්ථාපිත කර ඇති මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු රහසිගතව තබා ගැනීමටත්, එම තොරතුරු පිටත යෑම වැළැක්වීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් අදාළ බලධාරින්ට උපදෙස් දී තිබේ.


එසේම ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ද මහජන ආරක්ෂක රජය අවධානය යොමුකර ඇත. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ඇමැති ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.


නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය යොදා ගැනීම, මහජනතාවගේ සහයෝගය එම කටයුතු සඳහා ලබා ගැනීම කෙරෙහිද මෙම උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.

 

More News..