brand logo
logo
කැලණි සහ කළු ගංඟා ද්‍රෝණිවල ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

කැලණි සහ කළු ගංඟා ද්‍රෝණිවල ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

04 August 2026

කැලණි සහ කළු ගංඟා ද්‍රෝණි සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද (04) දින සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


පසුගිය දින ඇති වූ වර්ෂා තත්ත්වය හේතුවෙන් ඊයේ (03) පස්වරු 1.30ට කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක්ද, පස්වරු 2.00ට කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් සහ පස්වරු 3.30ට කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධවද එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. කෙසේ වෙතත්, මේ වන විට අදාළ ගංගාවවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර ඇත.


දිවයින පුරා සිදුවන වර්ෂාපතන වෙනස්කම් සහ ගංගාවල ජල මට්ටම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

 

More News..