දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි
02 November 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි
02 November 2026
උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද හෙට (03) දිනයේ පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව විසින් අද (02) දහවල් 2.00ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවය.
දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

