සමනල වැවේ ජල කාන්දුව අසලට බැස්ස සිසුවා ජීවිතක්ෂයට
04 October 2026
සමනල වැවේ ජල කාන්දුව අසලට බැස්ස සිසුවා ජීවිතක්ෂයට
04 October 2026
මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා ඊයේ (03) අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර සමනල වැව වේල්ල නැරඹීම සඳහා බස් රථ නවතා තිබේ.
එහිදී එක් බස් රථයක පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට සූදානම්ව ජල කාන්දුවක් අසලට බැස ඇති අතර, එම අවස්ථාවේදී එක් සිසුවෙකු ජල පහරට හසුව අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.
පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අතුරුදන් වූ සිසුවා සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී ඔහුගේ මෘත ශරීරය සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බිබිල, කිරියන්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකි.
මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.

