රැඳවූවන්ගේ කලහ අඩුවීමට මනෝ වෛද්‍ය උපදෙස්
11 August 2026 | එෆ්. අස්ලම්
රැඳවූවන්ගේ කලහ අඩුවීමට මනෝ වෛද්‍ය උපදෙස්
11 August 2026 | එෆ්. අස්ලම්
මීගමුව ඇතුළු බන්ධනාගාර පහක ගෙවුණු මාසයක කාලයේදී ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් හේතුවෙන් එම බන්ධනාගාරවලට රුපියල් මිලියන 255 ක දේපළ හානියක් සිදුව තිබෙන බවට රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී ඊයේ (10 වැනිදා) අනාවරණය විය.
බන්ධනාගාර රැඳවූවන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
එසේම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන එම කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ඇතුළු බලධාරින්ට උපදෙස් දුන්නේය.
මීගමුව, මහර, නව මැගසින්, කුරුවිට හා පල්ලන්සේන බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් දස දෙනෙකු හා රැඳවූවන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රැඳවූවන් හා බන්ධනාගාර නිලධාරින් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

