චීන ආර්ථිකයේ වර්ධනය ගැන IMF වාර්තාවක්
14 October 2026
චීන ආර්ථිකයේ වර්ධනය ගැන IMF වාර්තාවක්
14 October 2026
2026 වසර සඳහා චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය ප්රතිශත ලක්ෂ්ය 0.1 කින් පහත හෙළීමට ජාත්යන්තර මූල්ය අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව චීනයේ නව ආර්ථික වර්ධන අනුපාතය සියයට 4.5ක් වනු ඇතැයි අපේක්ෂා කරයි.
රට තුළ පවතින අභ්යන්තර ඉල්ලුමේ දිගුකාලීන දුර්වලතාව මඟහරවා ගැනීමට චීනයේ ශක්තිමත් අපනයන ක්ෂේත්රය පමණක් තවදුරටත් ප්රමාණවත් නොවන බව IMF පෙන්වා දෙන බව විදෙස් මාධ්ය පවසයි.
ජාත්යන්තර මූල්ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම 'World Economic Outlook' වාර්තාවට අනුව, මෙම සංශෝධිත පුරෝකථනය චීන රජය මේ වසර සඳහා තබා ඇති වර්ධන ඉලක්කයේ පහළම සීමාවට පැමිණ ඇත.
පසුගිය ජූලි මාසයේදී ඔවුන් පුරෝකථනය කර තිබුණේ චීන ආර්ථිකය සියයට 4.6 කින් වර්ධනය වනු ඇති බවය.
දේපළ වෙළඳපොළ ක්ෂේත්රයේ පවතින අර්බුද හමුවේ දේශීය පාරිභෝගික වියදම්වල පවතින මන්දගාමී බව සහ ආයෝජන පහළ යෑම, ශක්තිමත් අපනයන කාර්ය සාධනය මඟින් මඟහරවා ගත හැකි වූයේ අර්ධ වශයෙන් පමණක් බවද ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරයි.
එමෙන්ම ලෝක වෙළඳපොළේ ඉහළ යන බොරතෙල් මිල, දිගුකාලීන අවිනිශ්චිතතාවය සහ ව්යුහාත්මක අභියෝග හමුවේ ඉදිරියේදී ආර්ථික කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්රකාශ කරන IMF ආයතනය, කෙසේ වෙතත් චීන රජය විසින් ලබාදෙන ප්රතිපත්තිමය සහාය හේතුවෙන් ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීම වැළැක්වෙනු ඇතැයිද වැඩිදුරටත් පවසයි.
2026 වසරේ සිව්වන කාර්තුවේ සිට 2027 පළමු කාර්තුව දක්වා කාලය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 130 දක්වා ඉහළ යනු ඇතැයි IMF අනුමාන කරයි.
ඒ අනුව, තෙල් මිල පිළිවෙලින් 2026 සහ 2027 වසරවලදී සාමාන්යයෙන් සියයට 17 කින් සහ සියයට 40 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

