මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
15 October 2026
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
15 October 2026
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැමිණ තිබේ.
එහිදී මහ සංඝරත්නය කියාසිටියේ, ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසය.
ඒ සඳහා කොපමණ කාලයක් යනවාදැයි ප්රකාශ කරන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග මේ වනවිටත් ඔබ සාකච්ඡා කර ඇති බවට තමන් ඇතුළු පිරිස දන්නා බව මහ සංඝරත්නය එහිදී සඳහන් කළේය.
කෙසේවෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කියාසිටියේ, මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදිය හැකි බවය.

