අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
27 October 2026
අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
27 October 2026
අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (27) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද පස්වරු 11.30 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

