ඔක් : 31 වෙද්දි සිදුවන වෙනසක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
27 October 2026
ඔක් : 31 වෙද්දි සිදුවන වෙනසක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
27 October 2026
ඔක්තෝබර් මස 31 වැනිදා වනවිට බෙංගාල බොක්ක ආශ්රිතව නැවතත් කැලඹිලි ස්වභාවයක් පෙන්නුම් කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ පිළිබඳව කාලගුණ අංශ අවදානයෙන් සිටින අතර ඉදිරියේ දී අනාවැකි පළ කළ හැකි බවත් පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ එවැනි කැලඹිලි ස්වභාවයන් නිතර දැකිය හැකි බවද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඔක්තෝබර් මාසයේ මුල් කාලයේ ඔර්නබ් වැනි පද්ධතියක් නිර්මාණය වීම තුළින් බෙංගාල බොක්ක යම් සිසිල්වීමකට ලක්වන බවද පැවසු , ඒ තුළින් නැවතත් විශාල පද්ධතියක් නිර්මාණය වීමට එමඟින් බාධා එල්ල වන බවද පැවසීය.
“දැනට එහෙම පද්ධතියක් ඇතිවීමේ හැකියාව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් මේ වගේ සංකීර්ණ පද්ධතියක් නිර්මාණය වෙන විට අනාවැකිවල තියෙන විශ්වාසනීයභාවයේ පොඩි අඩුවීමක් තියෙනවා. තවදුරටත් ඒ ගැන අධ්යයනය කරමින් ඉන්නේ. සුළි කුණාටුවක් හෝ මොන මට්ටමේ පද්ධතියක් බෙංගාල බොක්කේ ඇති වුණත් ඒ පද්ධතියෙන් හැම වෙලාවේම වහිනවා හෝ සුළං වැඩිවෙනවා කියන අදහස තමා ජනතාව අතර තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඒ පද්ධතිය නිසා ලංකාව අවට සුළං නිර්මාණය වෙන විදිය අනුව වැස්ස අඩු වැඩි වෙන්න පුළුවන්.
හොඳම උදාහරණය අද වගේ ගත්තොත් ලංකාවට සුළං එන්නේ ඉන්දියාව හරහා. ඒකත් එක්ක වැස්ස අඩුවෙනවා. අද උදේ නිරීක්ෂණය කරා නම් මීදුම් සහිත තත්ත්වයක් තිබුණා. අංශු වගේ එක්ක. ඒකත් එක්ක හුළං එන්නේ අර පැත්තෙන් කියලා ඉඟියක්. නමුත් අපේ දකුණු මුහුදට පහළින් වැස්ස හොඳට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පද්ධතියක් ඇති වුණා කියලම අපි කියන්න බෑ ලංකාවට වැස්ස හෝ හුළඟ වැඩිවෙනවා කියලා. අපි ලොකුවට වැස්ස වැඩිවීමක් දැක්කේ නෑ. නමුත් ඒක දැන්ම හරියට කියන්න අමාරුයි. නමුත් අවධානයෙන් පසුවෙන්න...”
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්රබල සුළි කුණාටුව අද (27) පෙ.ව.11.30 වන විට උතුරු අක්ෂාංශ 16.0 සහ නැගෙනහිර දේශාංශ 84.3 ආසන්නයේ කන්කසන්තුරයේ සිට කි. මී. 820 පමණ ඊශාන දෙසින් කේන්ද්රගතව පැවතුනි.
මෙය හෙට (28) වන දින පෙරවරු 11.30 වන විට 'ඉතා ප්රබල සුළි කුණාටුවක්' ලෙස ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ කාලගුණ තත්වයට මෙම පද්ධතියේ ඇති බලපෑම හෙට දිනයේ සිට ක්රමයෙන් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

