ශ්රී ලංකා පිලට පහසු ජයක් - අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබයි
27 October 2026
ශ්රී ලංකා පිලට පහසු ජයක් - අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබයි
27 October 2026
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගය පහසුවෙන් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 25යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 110ක් පමණියි.
පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්යාවක් රැස්කළේ බාබර් අසාම් පමණියි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා පිල වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි ශ්රී ලංකා පිල පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 114ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.
ශ්රී ලංකා පිල වෙනුවෙන් කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු රත්නායක නොදැවී ලකුණු 23යි.

