ගුවන් යානයක් කඩා වැටෙයි - මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට
02 August 2026
ගුවන් යානයක් කඩා වැටෙයි - මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට
02 August 2026
පේරු රාජ්‍යයේදී සංචාරකයින් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පේරු බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කරන්නේ, ‘සෙස්නා C-208’ (Cessna C-208) වර්ගයට අයත් මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ සුප්‍රකට නස්කා රේඛා (Nazca Lines) පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් තිබූ අවස්ථාවේදී බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ නියමුවන් දෙදෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම මෙම අනතුරින් මියගොස් තිබේ.
කෙසේ වෙතත්, මෙම යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.

